29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් කුරුණෑගලදී

මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් කුරුණෑගලදී

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අනිද්දා (12) සහ ලබන 13 යන දෙදින උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙහිදී ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම, රියදුරු බලපත්‍ර අයදුම් කිරීම, පැවරුම් සහතික ලබාගැනීම ඇතුලු සේවාවන් රැසක් සිදු කෙරේ.