― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරිදියගම ඉපදුනු තවත් සිංහ පැටවු දෙදෙනෙක් මහජන ප්‍රදර්ශනයට

රිදියගම ඉපදුනු තවත් සිංහ පැටවු දෙදෙනෙක් මහජන ප්‍රදර්ශනයට

රිදියගම සෆාරි උද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන් දෙදෙනෙක් අද (10) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර පවසයි.

‘සිනා’ නැමති සිංහ ධේනුව විසින් මෙම පැටවුන් දෙදෙනා බිහි කර ඇති අතර අදට (10) යෙදෙන ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් මෙම පැටවුන් දෙදෙනා දවසේ සීමිත කාලයක් මහජන ප්‍රදර්ශනයට තබන බවයි ඒ මහතා කියා සිටියේ.

මෙම සිංහ පැටවුන් දෙදෙනා හට මේ වනතෙක් නම් තැබීමක් කර නොමැති අතර එම සිංහ පැටවුන් හට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මගින් ළමයින්ට අවස්ථාව සලසා දී තිබෙන බවත් හොඳම නම් යෝජනා කරන කීපදෙනෙකුට ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවද රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර පැවසීය.