30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවකුගඩු සැත්කමින් මියගිය දරුවා ගැන පුළුල් විමර්ශනයක්

වකුගඩු සැත්කමින් මියගිය දරුවා ගැන පුළුල් විමර්ශනයක්

පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකදී මියගිය දරුවා පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් හා අධිකරණයේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය වී ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වකුගඩු දෙක නියමිත ස්ථානවල පිහිටා තිබූ බවයි.

පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මිය ගිය දරුවාගේ සිරුරෙන් ඉවත් කළ එක් වකුගඩුවක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති බවයි.

තම දරුවාගේ වකුගඩු දෙකම රෝහලේ වෛද්‍යවරුන් විසින් ඉවත් කරනු ලැබීමෙන් පසු එක් වකුගඩුවක් මුදල් ලබාදී හෝ බද්ධ කිරීම සඳහා වකුගඩු දායකයන් තිදෙන්‍රකු තමන් විසින් රෝහලට ඉදිරිපත් කරනු ලැබූ බවයි මියගිය දරුවාගේ පියා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ.