27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවරායේ මෝටර් රථ නිදහස් කර දෙන ලෙස පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්...

වරායේ මෝටර් රථ නිදහස් කර දෙන ලෙස පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 62කට අධික මුදලක් වංචා කළ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වංචා විමශර්න කායයාංශය විසින් අද (10) ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුඛෝපභෝගි මෝටර් රථ තුනක් බදු නොගෙවා නිදහස් කර දීමට එම පුද්ගලයා පොරොන්දු වී ඇති අතර පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නිරූපන ශිල්පියෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (11) ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කොට සිටින්නේ.