30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් සමඟ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

අයිස් සමඟ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසල රැඳී සිටියදී ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර බැලීමේදී ඔහු සතුව තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයෙකු දැයි සොයා ගැනීම සඳහා ඔහු වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.