― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ආණ්ඩුව ගෙවයි

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ආණ්ඩුව ගෙවයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමේදී ශ්‍රී දළදා මාළිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට පැන නැගී තිබුණු විදුලි බිල සම්බන්ධ ගැටලුව රජය මැදිහත්වී විසඳූ බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (10) සවස දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී පැවති ඇසළ පෙරහැර කමිටු රැස්වීමේදීය.

ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීමට පෙර දළදා මාළිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට විදුලිබල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක විදුලි බිලක් ගෙවන ලෙස මීට පෙර විදුලිබල මණ්ඩලය විසින් දන්වා එවා තිබුණි.

මෙවර ඓතිහාසික දළදා පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500 ක නිලධාරීන් පිරිසක් සහ ත්‍රිවිධ හමුදාව සමඟ සිවිල් ආරක්ෂක බලකායද යොදවන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක එහිදී කියා සිටියේය.

මෙවර අවසන් මහා පෙරහැර පැවැත්වෙන දින වකවානුවලදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් පැවැත්වෙන බැවින් අති විශාල විදේශිකයන් පිරිසක්ද පෙරහැර නැරඹීමට එක්වීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවීමට සිදු වන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ.

ඒ සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත හේරත් එහිදී කියා සිටියේ බොහෝ ජනාධිපතිවරුන් පෙරහැර නැරඹීමට පැමිණ පෙරහැර හමාර වීමට පෙර ආපසු යාමේදී පෙරහැර මැදින් ගමන් කරන බවත් එය සිදු නොකළ යුත්තක් බවත් මීට පෙර ජනාධිපතිවරුන් දෙදෙනකු (මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ) ඒ අයුරින් පෙරහැර මැදින් ගමන් කළ බවත්ය.