23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලිහිසිතෙල් ගැන රජයෙන් විශේෂ තීරණයක්

ලිහිසිතෙල් ගැන රජයෙන් විශේෂ තීරණයක්

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති එම සාකච්ඡාවට මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ද එක්ව ඇත.

එහිදී රජයේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කල යෝජනා සාකච්ඡා කර ඇත. මේ අතර සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති 1200කට ආසන්න ප්‍රමාණයක් වන පිරවුම්හල්වල විකිණිමට පහසුකම් සලසන බවද අමාත්‍යවරයා පවසයි.