32.8 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාකරේ පාසල් සිසුවියන් සිව්දෙනෙක් අතුරුදන්

වාකරේ පාසල් සිසුවියන් සිව්දෙනෙක් අතුරුදන්

වාකරේ ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියන් සිව්දෙනෙක් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් සිව්දෙනා ඊයේ (10) උදෑසන වාකරේ කදිරවේලි සිට වාලච්චේන නගරයේ පාසලක ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා බස් රථයකින් පැමිණ ඇති අතර එම ක්‍රීඩා උත්සවය අවසන් වීමෙන් අනතුරුව නැවතත් ඔවුන් නිවසට නොපැමිණි බවයි ඔවුන්ගේ දෙමාපියන් පවසන්නේ.

මේ හේතුවෙන් එම දෙමව්පියන් වාකරේ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

වහාම ක්‍රියාත්මක වූ වාකරේ පොලිසිය කණ්ඩායම් කිහිපයක් යොදවා මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.