මෙරට හිඟව තිබූ ඖෂධ වර්ග 14ක් ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට හිඟව ඇති ඖෂධ ප්‍රමාණය 242 දක්වා අඩුවී ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා ඖෂධ වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් ලබා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉදිරි මාසය තුළ මෙම ඖෂධ මෙරටට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.