― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහතික වෙයි

ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහතික වෙයි

නවතමයෙන් පත්වූ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා ඊයේ (11)දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික විය.

නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය පාණ්ඩේ මහතා මෙම අදහස් පළ කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවූ අවස්ථාවේදීය.

ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සමඟින් පැමිණි ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අන්‍යෝන්‍ය වශයෙන් ද්විපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී සුහද සාකච්ඡාවක් පවත්වන ලදි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සිය සහයෝගය ද ප්‍රකාශ කරමින් ආචාර්ය පාණ්ඩේගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් එක් කළේය.