― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsතබ්බෝව අභය භුමියේ ගින්නකින් අක්කර 300ක් විනාසයි

තබ්බෝව අභය භුමියේ ගින්නකින් අක්කර 300ක් විනාසයි

තබ්බෝව අභය භුමියෙ ඇතිවූ හදිසි ගිනි ගැනිමක් හේතුවෙන් අක්කර 300කට වැඩි භුමි ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් වන ජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා සඳහන් කළේ ඊයේ (11) දහවල් ඇති වූ මෙම ගින්න පැය 10කට ආසන්න කාලයක් පුරා පැවති බවයි.

වන ජීවී නිලධාරීන්, තබ්බෝව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිසිය සහ පුත්තලම නගර සභා ගිනි නිවීමේ ඒකකය ඇතුළු කණ්ඩායම් එක්ව ගින්න සම්පුර්ණයෙන් පාලනය කර තිබෙනවා.

වන ජීවී නිලධාරීන් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගත ආකාරයෙන් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.

ගිනි තැබීමෙන් පසු වන සතුන් දඩයම් කිරීම අරමුණ විය හැකි බවට ද ඔවුන් සැක කරනවා.

ඊයේ දහවල් ඇතිවූ ගින්න තබ්බෝව අභය භුමියේ 13 කණුව ප්‍රදේශයෙන් ආරම්භවී අභය භූමියේ අක්කර 300ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබූ බව සඳහන්.

වන ජීවී නිලධාරීන් සැක කරන්නේ මෙම ගිනි ගැනීම හේතුවෙන් කුඩා සතුන් රැසක් මිය යන්නට ඇති බවයි.