31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - 7කට තුවාල

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 7කට තුවාල

අද (12) පස්වරුවේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පෙ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි, පොලිසිය පැවසුවේ.

අනතුරෙන් කාන්තාවන් 04 දෙදෙනෙක්, කුඩා දැරියක් සහ පිරිමි පුද්ගලයින් 02 දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

එමෙන්ම බස් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.