31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම විරෝධතා සලකා බැලීම හෙට සිට

අස්වැසුම විරෝධතා සලකා බැලීම හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම හෙට (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000කි.

එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතය.

මේ අතර ගැටලු නිරාකරණය වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදු කෙරෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.