26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රම තුනක් යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවසක්

ක්‍රම තුනක් යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවසක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ,විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ය.

ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දීමට සැලසුම් කර තිබේ.

ඉන් පළමු ක්‍රමවේදය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි ඉඩමක නිවාසයක් ඉදිකර දීමට සැලසුම් කර ඇති අතර දෙවැනි ක්‍රමය වන්නේ ඉඩම් නොමැති ශ්‍රමිකයින්ට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමත් තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමය.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතය.

මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව දන්වා තිබේ.