― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීම්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීම්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දිවයිනේ පළාත් කීපයක පවතින දැඩි නියඟයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ උතුරු පළාතටයි.

මේ වන විට උතුරේ පවුල් 22,666කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසන්නේ.

පානීය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට බවුසර් මගින් පානීය ජලය සැපයෙන අතර එම සැපයුම් සඳහා ද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජල උල්පත්, ළිං හෝ වෙනත් ජල මුලාශ්‍ර නොමැති බවයි ආපදා කලමනාකරණ නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙවැනි තත්වයක් මත පවතින ජලය අරපිරිස්මැන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීම් කරනවා.

ජාතික ජලම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබනවා.