― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමාලමුල්ල අලයා අත්අඩංගුවට

මාලමුල්ල අලයා අත්අඩංගුවට

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංවිධානාත්මක ලෙස ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සොරකම් කර කොටස් ගලවා අඩු මුදලට විවිධ ප්‍රදේශවලට අලෙවි කළ මාලමුල්ල අලයා නැමැති සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක් කළ වැටලීමකදී යි ඊයේ සවස 33 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා හොරණ, බුලත්සිංහල සහ මිල්ලනිය යන පොලිස් වසම්වල මෙලෙස ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සොරකම් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

සැකකරු පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ත්‍රී රෝද රථ සහ යතුරුපැදි මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ලඳු කැලෑවේ ගාල් කර කොටස් ගලවා තිබියදී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු යතුරුපැදි සහ ත්‍රී රෝද රථ විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර ඔහුගේ නිවස ආසන්නයේ තිබී බුලත්සිංහල, මිල්ලනිය සහ හොරණ ප්‍රදේශවලින් සොරකම් කරන ලද යතුරුපැදියක් සහ සහ ත්‍රී රෝද රථ දෙකක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන සැකකරු සමග තවත් කණ්ඩායමක් සම්බන්ධ බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මොවුන් රාත්‍රී කාලයේ දී නිවාසවල නතර කර ඇති ත්‍රී රෝද රථ සහ දහවල් කාලයේ මහ මග නතර කර ඇති යතුරුපැදි සොරකම් කර ඇති බවට හෙළි කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයෙක් බවද සඳහන්.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.