― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමෝටර් රථයක් බවුසරයක ගැටී දරුණු අනතුරක් - 5ක් රෝහලේ

මෝටර් රථයක් බවුසරයක ගැටී දරුණු අනතුරක් – 5ක් රෝහලේ

ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

දිඹුල පතන මංසන්ධියේ ඊයේ රාත්‍රී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල වීම හේතුවෙන් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ 5 දෙනෙක්.

ඊයේ (12) රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදීයි.

වැලිමඩ සිට කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකිර්ණය වෙත ධාවනය කරමින් තිබූ බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර එහි රියදුරු බීමත්ව සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තුවාල ලැබූවන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිසක් බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියා සිටියේ