28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදිවලින් වැඩ දැමූ 8ක් අත්අඩංගුවට

යතුරුපැදිවලින් වැඩ දැමූ 8ක් අත්අඩංගුවට

ෆේස් බුක් ඔස්සේ සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් 8 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණයන් කුඹුක සිට ගෝනපල දක්වා අපරික්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරන බවට
පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ යතුරු පැදිවලට විවිධ කොටස් එකතු කර ඉදිරිපස රෝදය එසවීමට හැකි ආකාරයෙන් සකස් කර තිබී ඇති බව සඳහන්.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරු පැදිවල ටයර් අධික ලෙස ගෙවී ඇති අතර ඇතැම් යතුරුපැදිවල පිටුපස ලියාපදිංචි අංක තහඩුව ද නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර, මොරන්තුඩුව සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.