― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලංකාවට ඇවිත් එංගලන්තයට පනින්න හැදූ චැඩ් ජාතික ගුරුවරයා අත්අඩංගුවට

ලංකාවට ඇවිත් එංගලන්තයට පනින්න හැදූ චැඩ් ජාතික ගුරුවරයා අත්අඩංගුවට

ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී එංගලන්තය බලා පැන යාමට උත්සහ කළ චැඩ් ජාතික ගුරුවරයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුව ආපසු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කර තිබෙනවා.

31 හැවිරිදි මොහු සෞදි අරාබියේ අරාබි භාෂාව උගන්වන චැඩ් ජාතික ගුරුවරයෙක් බව සඳහන්.

මොහු කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 න ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ආගමන නිශ්කාශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ආගමන විගමන නිලධාරී කවුළුව වෙත තම කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි භාර දී තිබේ .

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය ප්‍රමිතියකින් තොරව සකස් කර ඇති බවට එහි සේවය කළ නිලධාරීවරයාට තහවුරු වූ බැවින් මෙම ගුවන් මගියා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් චැඩ් ජාතිකයෙකු බවත් තමන්ට මෙම ගුවන් ගමන් බලපත්‍රය තම සහෝදරයෙකු විසින් සකස් කර දුන් බවත් ප්‍රකාශ කර තිබේ .

එසේම තමන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ දින 05 කට පසුව එංගලන්තය බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව ද එහිදී මෙම චැඩ් ජාතිකයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ .

ඒ අනුව මෙම චැඩ් ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සදහා කටාර් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.