― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවසර 45ක් පුරා දිග් ගැස්සුණු දෙමස්සිනාලාගේ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

වසර 45ක් පුරා දිග් ගැස්සුණු දෙමස්සිනාලාගේ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

වසර 45ක් පුරා දෙමස්සිනාලා අතර පැවැති ආරවුලක් එක් අයෙකුගේ ජීවිතය බිළිගෙන අවසන් වූ පුවතක් ගම්පොළ, කොස්ගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනා අතර කලක සිට පැවති ආරවුල යළි ඉස්මතු වී එක් අයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇත්ගාල පොලීසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පොළ, කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්පේඩි ගෙදර ගුණපාල නැමැති වයස අවුරුදු 73ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ගම්පොළ නගරයට ගොස් ඊයේ (12) රාත්‍රියේ නැවත නිවස බලා පැමිණෙමින් සිටිය දී ඔහුගේ නිවසට ආසන්නයේ රැඳී සිට සැකකරු මන්න පිහියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ඝාතනය සිදුකළ සැකකරුගේ සහෝදරියකගේ සැමියා බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා අතින් මීට පෙර (එනම් 1978 වසරේ දී) සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ඝාතනය ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එතැන් සිට මෙම පුද්ගලයින් දෙදෙනා අතර වසර වසර 45ක් පුරාවට ආරවුලක් පැවත ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝතනය සිදුකළ හැත්තෑ හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.