― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර

රවණාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලදීයි වැඩසටහන ආරම්භ වූයේ.

එම අවස්ථාව අමතමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ වයඹ පළාතේ පමණක් ශ්‍රවණාබාධිත පුද්ගලයන් 77000ක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපායන් පවත්වාගෙන යාමට රිය ධාවනය කිරීමට සිදුවන අතර පසුගිය කාලය පුරා එවැනි පුද්ගලයන්ට නිත්‍යානුකූලව රියදුරු බලපත්‍ර ලබා නොදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් ලොව දියුණු රටවල් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට විශේෂ සැලකිල්ලක් සිදුවන අතර ජාත්‍යන්තරව බලපැවැත්වෙන පරිදි රියදුරු බලපත්‍ර ලබාදීම සිදුකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේදී එම රිය ධාවනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා යතුරුපැදියක් පදවන්නේ නම් එහි ආරක්ෂිත හිස්වැසුමේ සහ ජැකට් එකේ පිටුපස විශේෂිත ස්ටිකරයක් අලවා ගත යුතු වනවා.

මෝටර් රථවල ඉදිරිපස සහ පිටුපස එම ස්ටිකරය භාහිරට පෙනෙන ආකාරයෙන් අලවා තිබිය යුතු බවයි ඔහු කියාසිටියේ.