― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසාමාන්‍ය පෙළ විභාගය පවත්වන ශ්‍රේණියේ වෙනසක්

සාමාන්‍ය පෙළ විභාගය පවත්වන ශ්‍රේණියේ වෙනසක්

10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම වසරක කාලය ආපස්සට ගෙන යළිත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනීයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම කාර්යය එක වර කළ නොහැකි අතර 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන ලෙස ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක් යටතේ සිදු කිරීමට අපේක්ෂිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.