― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්හිටවූ ඖෂධ 40ක් SPMC නිෂ්පාදන – රවී කුමුදේශ්

අත්හිටවූ ඖෂධ 40ක් SPMC නිෂ්පාදන – රවී කුමුදේශ්

2023 වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගීන්ට දීම සඳහා රෝහල් වෙත සැපයූ ඖෂධ අවස්ථා 69කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින් කාණ්ඩ 40ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ ඖෂධ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් පැවසීය.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව සපයන ඖෂධවල තත්වය පිළිබඳව ඇති ගැටලු මග හැර සිටීමට වඩා එය නිවැරදි කර ගැනීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි සභාපතිවරයා එහිදී සඳහන් කළේ.

වැඩි ඖෂධ කාණ්ඩ ප්‍රමාණයක් නතර කර ඇති තනි සැපයුම්කරු ලෙස රජයේ මැදිහත් වීමෙන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයට වගකීම පැවරෙද්දී ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතු බව ඔහු තරයේ අවධාරණය කළේය.

ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ඇමරිකාව සහ යුරෝපා රටවලට ඉතා විශාල වශයෙන් තත්වයෙන් උසස් ඖෂධ අපනයනය කරමින් සිටියදී එම රටවලින් බාල ඖෂධ පමණක් මෙරටට ලැබීම තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් මිස, රට පිළිබඳ ගැටළුවක් නොවන බවද සඳහන් කළේය.