― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට සැලසුම් කෙරේ -...

කාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට සැලසුම් කෙරේ – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු පසුගියදා (11) ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් එම කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවය ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණ දෙනිපිටිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම මධ්‍යස්ථානයේ සකසනු ලබන ඝන කාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහි නිෂ්පාදන කටයුතු පිරික්සීමට ලක් කළ අතර එම කාබනික පොහොර යොදා සකස් කළ ආරක්ෂිත කුටිවල වගා කරන ලද සාර්ථක එළවළු වගාව හා ගස්ලබු වගාව ද පරීක්ෂා කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්මාන්තය සියයට සියයක් කාබනික පොහොර යොදා සිදු කිරීමට ගත් තීරණය නිසා මෙරට කෘෂිකාර්මික අංශය මුළුමනින්ම බිඳ වැටුණු බව සදහන් කළේය.

එමෙන්ම මේ වනවිට සියයට 100ක්ම නැවතත් රසායනික පොහොර යෙදීම සඳහා ගොවීන් පෙළඹී තිබුනත් රසායනික පොහොර යෙදීමෙන් සිදුවන සෞඛ්‍යමය ගැටලු සම්බන්ධව විශාල කථිකාවතක් මින් පෙර විද්වතුන් විසින් රට පුරා දියත් කළ බව ද සඳහන් කළේය.

කෙසේ වුවද ගොවිතැනින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.