29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවත් මේ මොහොතේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.