යාපනය, කල්වියන්කාඩු, ජී.පී.එස්. ක්රීඩාංගණය අසළදී ඊයේ (13) රාත්රියේ පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය, කෝපායි ප්රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් අයෙකුගේ පවුලක 09 හැවිරිදි දැරියක් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වු ගැටුමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.