― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

දිනෙන් දින ඉහළ යන අපරාධ මැඩලීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් මර්දනය කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.

මෑත කාලීනව වෙඩි තැබීම්, වාහන කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තාවීම වැඩිවීමට හේතුවක් වී ඇත්තේද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් නිසාය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් මේ වන විට රට තුළ උවදුරක් බවට පත්ව ඇති බවත් එම නිසා එම ගැටලුව විසඳීමට පොලිසිය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්ය.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් අපරාධ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් සඳහා විශේෂ සැසිවාර පවත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.