31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාල කැලේ වැව් බවුසර්වලින් පුරවයි

යාල කැලේ වැව් බවුසර්වලින් පුරවයි

වන සතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා බවුසර් මගින් ජලය රැගෙන ගොස් යාල වනෝද්‍යානයේ කුඩා දිය කඩිතිවලට පිරවීම මේ දිනවල සිදු කරන බව වනජීවී නිළධාරීන් පවසති.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය යාල ජාතික වනෝද්‍යානයටද දැඩි බලපෑම් එල්ල කර තිබේ.

යාල ජාතික උද්‍යානය හරහා ගලා බසින මැණික් ගඟෙන් තිබෙන ජලය ලබාගෙන බවුසර් මගින් උද්‍යානයට ගෙන ගොස් වන සතුන්ට ජලය ලබා ගැනීමට හැකි ස්ථානවලට ගොස් ජලය මුදා හැරීම සිදුකරනු ලබන අතර සූර්ය බල විදුලි උත්පාදක මගින්ද ජලය පොම්ප කිරීම සිදුකර උද්‍යානය තුළ සිඳී ගිය වැව්වලට ජලය සැපයීම සිදුකරන බවයි එහි නිලධාරියෙක් සඳහන් කළේ.