29 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවත්තේ මහල් ගොඩනැඟිල්ලකින් වැටී අයෙක් ජීවිතක්ෂයට

වැල්ලවත්තේ මහල් ගොඩනැඟිල්ලකින් වැටී අයෙක් ජීවිතක්ෂයට

ගාලුපාර, වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ගොඩනැඟිල්ල ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සේවකයෙක් බවයි වාර්තා වුණේ. මෙම පුද්ගලයා ඊයේ (13) සවස් කාලයේ එම ගොඩනැඟිල්ලේ 08 වන මහලෙන් ඇඳ වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මියගිය පුද්ගලයා 34 හැවිරිදි කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණා.