― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක් විවෘත කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක් විවෘත කරයි

මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ මුල පිරීම් හි උපාය මාර්ගික දිශානතිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ වෙබ් අඩවිය, පසුගියදා දියත් කෙරිණි.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය, ශ්‍රී ලංකාව සඳහා වන සමස්ත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයේ එක් කොටසක් වන අතර ඒ හරහා රටේ සියලුම කුටුම්භ සහ ව්‍යවසායන් සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවිය ආරම්භකර ඇත.

මෙමගින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳව තොරතුරු මුදා හැරීම තුළින් රටේ සියලුම පාර්ශවකරුවන්ට පහසුකම් සැලසීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය එහි පරිශීලකයන්ට පරිශීලක-හිතකාමී අතුරු මුහුණතක් සමඟ අන්තර්ක්‍රියාකාරි අත්දැකීමක් ලබා දෙන අතර දැනුම්වත් සහ තාර්කික මූල්‍ය තීරණ ගැනීමට සහ පරිශීලකයින්ගේ මූල්‍ය දැනුම, ආකල්ප සහ හැසිරීම නැංවීම සඳහා වන මූල්‍ය සාක්ෂරතා මෙවලම් එනම්, ප්‍රකාශන, පුහුණුකරුවන්ගේ පුහුණු මොඩියුල, ප්‍රශ්නාවලි සහ ක්‍රීඩා යනාදියෙන් සමන්විත වේ.

මෙම වෙබ් අඩවිය සියලුම පාර්ශවකරුවන්ට තොරතුරු වෙත ප්‍රවේශ වීමේ සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ පුළුල් වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, මෙය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකාව සඳහා වූ ඉදිරි මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියමට අනුපූරක වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂාව වී තිබෙනවා.

https://www.rdd.cbsl.lk/ මෙම සබැඳිය හරහා වෙබ් අඩවිය වෙත ප්‍රවේශ විය හැක.