27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයන සීමා ලිහිල් කිරීමට අනුමැතිය

ආනයන සීමා ලිහිල් කිරීමට අනුමැතිය

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ බව අද (15) දහවල් පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින් ආනයන සීමා කිරීම සඳහා පනවන ලද 2023 අංක 2 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි මඟින් තාවකාලිකව ආනයනය අත්හිටුවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා කිරීම් ඉවත් කිරීමට අදාළ පාර්ශ්ව සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවයකට එළඹ තිබෙනවා.