26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචැනල් අයි - ලයිකා ගනුදෙනුව ප්‍රතික්ෂේප වෙයි

චැනල් අයි – ලයිකා ගනුදෙනුව ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපති ප්‍රසාද් සමරසිංහ විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබාදීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොමැත.

එම තත්ත්වය යටතේ එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් ඊයේ (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.