― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsබස් දාලා පහසුකම් දෙන්න බැරි නම් ඔය ඇමතිකම මොකටද?

බස් දාලා පහසුකම් දෙන්න බැරි නම් ඔය ඇමතිකම මොකටද?

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් අසා තිබේ.

උන්වහන්සේ මෙම පැනය අසා ඇත්තේ පසුගියදා (13) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි හමු වී ආශිර්වාද ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මඟින්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟීන්ට ත්‍රීරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇති බවයි උන්වහන්සේ එහිදී සඳහන් කර ඇත්තේ.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට වැඩිම බැති මතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන්. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවලා නැහැ. දිගු කාලයක සිට කොයි තරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්න දෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිමේ ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නඟින්න අකමැති වුනත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සිය පනහක්, දාහක් ඒ අයගෙන් අය කරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. දෙවතාවක් සී.ටී.බී බස් රථ ධාවනය කරන්න උත්සහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොට ගෙන ඒ අයට තුවාල සිදු වූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලුදෙනා මට පේන්නේ මේ මැර කණ්ඩායම්වලට බිය වෙලා තිබෙනවා. දුම්රිය මගින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට බැරිනම්, අමතර බස් දාලා හරි ඒ අයට පහසුකම් දෙන්න බැරි නම් ඇමැතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි.”