සියලු දිස්ත්‍රික්කවල සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
අදාළ සාකච්ඡාව මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
නව මැතිවරණ කොමිසම පත්වීමෙන් පසුව සහකාර සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවූ පළමු අවස්ථාව මෙයයි.