24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීගමුව ලෙල්ලමේදී තරුණයෙකුට වෙඩි තැබූ අයෙක් අල්ලයි

මීගමුව ලෙල්ලමේදී තරුණයෙකුට වෙඩි තැබූ අයෙක් අල්ලයි

මීගමුව, දුංගල්පිටිය, ලෙල්ලම ප්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන කෙහෙල්ඇල්ල, බඩල්ගම ප්‍රදේශයේ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුට එරෙහිව මීගමුව මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවට ද තොරතරු අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය කිරීමට පෙර සැලසුම් කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සහ ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (15) මීගමුව මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 12 වනදා උදෑසන කාලයේ සිදුකළ වෙඩි තැබීමකින් පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.