― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportවනිඳු ටෙස්ට් පිටියට සමුදෙයි

වනිඳු ටෙස්ට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

සුදු පන්දු ආකෘතීන් තුළ සිය ක්‍රිකට් දිවිය ඉදිරියට ගෙන යාමට කැපවීම ප්‍රකාශ කරමින් වනිඳු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වනිඳුගේ එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියකින් දැනුම් දී ඇති අතර සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමට ඇති ආශාව මෙම තීරණයට හේතු වී ඇති බව අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවත්, තමන් උපරිමයෙන් ජාතියට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් හසරංග එම ලිපියෙන් අවධාරණය කර ඇති බව සඳහන්.

වනිඳු හසරංග 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් අතර ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 04ක් පමණයි. එහිදී ඔහු ඉනිම් 07ක් තුළ ලකුණු 196ක් රැස්කරගෙන කඩුලු 04ක් බිඳ දමා තිබෙනවා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී යි.