28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවස මිශ්‍ර ජලය පානය කළ සිසුවියන් 06ක් රෝහලට

වස මිශ්‍ර ජලය පානය කළ සිසුවියන් 06ක් රෝහලට

කිසියම් විෂ ද්‍රව්‍යයක් මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් 06 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අදාළ සිසුවියන් ඊයේ (14) මෙලෙස රෝහල් ගතකර ඇති බවයි නාරම්මල පොලීසිය පැවසුවේ. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වන අතර එක් සිසුවියක් විසින් ඇය සමඟ අමනාප තවත් සිසුවියන් කිහිප දෙනෙකුගේ වතුර බෝතල්වලට මෙලෙස වල්නාශක මිශ්‍ර කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස විෂ ද්‍රව්‍යය මිශ්‍ර කළ සිසුවිය ද එම වතුර පානය කර ඇති අතර, ඇය ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙම සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නාරම්මල පොලීසියෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියා.

අදාළ පාසලේ ශිෂ්‍ය නායක තනතරු සඳහා ඇති වී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කළා.