අද (15) උදෑසන කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක් අයෙකු 38 හැවිරිදි කොළඹ , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
මෙම කාන්තාව අද උදෑසන කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන , මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී ඇති අතර , එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .ඒ අනුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව , මෙම ජංගම දුරකථන අලුත්වැඩියාකරු ද අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
මෙම ව්‍යාජ නෝට්ටු මේ වනවිටත් කටුනායක අවට ප්‍රදේශයේ සංසරණය වෙමින් පැවතිය හැකි බැවින් , මේ පිළිබඳව සිය අවධානයෙන් සිටින ලෙස කටුනායක පොලිසිය සිය ප්‍රදේශවාසී ජනතාව වෙත දැනුම් දෙයි.