31 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂඥ වෛද්‍යවරුන් පිටරටින් ගේන්න වෙන ලකුණු

විශේෂඥ වෛද්‍යවරුන් පිටරටින් ගේන්න වෙන ලකුණු

වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරුන් මෙරට ගෙන්වීමට සිදුවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාමෙන් රෝහල් මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජය විසින් පනවා ඇති දැඩි බදු ප්‍රතිපත්ති සහ රටේ පවතින අස්ථාවරභාවය බවයි.