― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsපානීය ජලයට වස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

පානීය ජලයට වස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

යාල රක්ෂිත ප්‍රදේශයන්හි දඩයම්කරුවන් විසින් දිය කඩිති හා වැවු ආශ්‍රිත වලවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් අලෙවි කිරීමේ ජාවරාමක් පිළිබඳ වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස් අලෙවි කිරීම තුළින් මිනිස් ජීවිත අවධානමක්ද පවතින බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට පවතින අධික වියළි කාලගුණ තත්ත්වය තුළ සතුන්ට බීමට ජලය ඇති ප්‍රදේශයන් ද අඩුවී තිබේ. ඒ තත්ත්වය තුළ වතුර සොයා පැමිණෙන සතුන්ට දිය වලවල් සාදා එම දිය වලවල් තුළට මේ ආකාරයෙන් වස යොදා සතුන් මරා මස් පිණිස විකිණීමට දඩයක්කරුවන් කටයුතු කරනු ලබයි.

මේ ආකාරයෙන් මියගිය සතුන්ගේ මළසිරුරු ගණනාවක් මේ වනවිට සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇති මුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු සොයා ගැනීමට මෙතක් හැකි වී නොමැත. කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට වස යොදා මරන ලද සතුන්ගේ මස් අලෙවි කිරීමට සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් තොරතුරක් වෙතොත් වනජීවී නිලධාරීන් දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටි.