පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 1000ක් පමණ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමඟ විදේශගත වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
වෛද්‍යවරුන්ගේ රට හැර යාම රෝහල්වලට පමණක් නොව වෛද්‍ය පීඨවල ඉගැන්වීම් කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
තවත් වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට සූදානම්ව සිටින බවත් එය කඩිනමින් වළක්වා නොගතහොත් රට දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දිය හැකි බවත් ඔවුන් අවධාරණය කරයි.
මෙලෙස වෛද්‍යවරුන් මෙරට හැර යාම වළක්වා නොගෙන පිටරටවලින් වෛද්‍යවරුන් ගෙන්වා ගත හැකි බවට ඇතැම් දේශපාලඟඥයන් පැවසුවද ඔවුන් මෙරට රෝහලක සේවයේ යෙදවීම සඳහා මාසයකට රුපියල් ලක්ෂ හතළිහක්වත් වැය කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.