30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීමට පියවර

දේශීය වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීමට පියවර

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමක් ඇති කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටක් සඳහා ඒකාබද්ධ මාවත යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සහ ආයුර්වේදයේ නව ප්‍රවණතා රැසක් ස්ථාපිත කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.