― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsමෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඕමානයේ සහාය

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඕමානයේ සහාය

මෙරට කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා ඕමානය හා ශ්‍රී ලංකා රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට එකඟත්වය පළ කර තිබේ.

පසුගියදා (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ මෙරට ඕමාන තානාපති ඇහ්මෙඩ් Ahmed Ali Saeed Al Rashdi අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විනි.

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

2018දී මෙම කෘෂිකර්ම ක්ෂේත්‍රය හා ඊට අදාළ අනිකුත් සියලු අංශවලට අදාලව ඕමානය හා ශ්‍රී ලංකා රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණත් එම අවබෝධතා ගිවිසුම මෙතෙක් අත්සන් කර නොමැත. එමනිසා එම ක්‍රියාවලිය නැවතත් ක්‍රියාත්මක කිරීම සඳහා මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

ඒ සඳහා නැවතත් අමාත්‍ය මණ්ඩලය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මීට අමතරව අප රටේ වගාවට අවශ්‍ය යුරියා පොහොර අඛණ්ඩව සැපයීම සඳහා ඕමාන රජයේ සහයෝගය ලබා දීම සම්බන්ධවද ඕමාන් තානාපතිවරයා අදහස් පළ කළේය. දැනට ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් ඕමානයේ සිට යුරියා පොහොර ආනයනය කරන බැවින් ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවට ද පොහොර ලබා ගැනීමට හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය.