― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට 399,999ක් විරැකියාවෙන් පෙළෙන බවට අනාවරණයක්

මෙරට 399,999ක් විරැකියාවෙන් පෙළෙන බවට අනාවරණයක්

මේ වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 4.7ක් ලෙස ගණන් බලා ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පිරිමි විරැකියා අනුපාතය සියයට 3.4 ක් වන අතර කාන්තා විරැකියා අනුපාතය සියයට 7.0 කි.

මුළු රටම ආවරණය වන පරිදි 2023 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිදු කරන ලද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ රැකියා විරහිත සංඛ්‍යාව 399,999කි.

එම වාර්තාවට අනුව 2023 මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනය මිලියන 8.6ක් පමණ වේ.

මෙයින් සියයට 65.0ක් පිරිමින් වන අතර සියයට 35.0ක් කාන්තාවන් වේ.