රාගම දුම්රිය ස්ථානය අසළදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (15) උදෑසන කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මොහුගේ මරණය සිදුව ඇති බවයි.
දුම්රිය ගේට්ටුව වසා තිබියදී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කිරීම අනතුරට හේතු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මරණකරුගේ අනන්‍යතාව මේ වනතෙක් තහවුරු වී නොමැත.