27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන්ට රට යන්න නිවාඩු නැහැ

වෛද්‍යවරුන්ට රට යන්න නිවාඩු නැහැ

නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු දැනට මෙරට තුළ සිටින සීමිත වෛද්‍ය වෘත්තිකයන් සංඛ්‍යාවට විදේශගත වීම සඳහා නිවාඩු ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවයේ දැඩි හිඟයක් පවතින ප්‍රදේශ රැසක් හඳුනාගෙන ඇති බවත් ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැවසීය.

අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වුවහොත් ඔවුන් සේවයෙන් පහ කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. රටේ ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉතා අඩුයි. පසුගිය කාලයේ මෙවැනි වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුදයක් නිර්මාණය වුණා. විශේෂඥ පුහුණුව සඳහා මේ වන විට වෛද්‍යවරුන් 600කට අධික පිරිසක් විදේශගත වෙලා ඉන්නවා. ඒ අයගෙන් 300ක් විතර මේ අවුරුද්දේ යළි ලංකාවට එනවා. ඔවුන්ගේ පැමිණීමෙන් පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් ප්‍රමාණයකට විසඳෙනවා.