26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉඩම් ආරවුලක් නිසා මල්ලි අයියාව එළොව යවයි

ඉඩම් ආරවුලක් නිසා මල්ලි අයියාව එළොව යවයි

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් තම සහෝදරයාව ඝාතනය කළ 24 හැවිරිදි තරුණයෙක් පොලීසියට බාර වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව – කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

නිවසක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් සැකකාර බාල සහෝදරයා විසින් තම වැඩිමහල් සහෝදරයාට කැත්තකින් පහර දී ඝාතනය කර ඇති බවයි.

කෙසේනමුත් පසුව ඝාතනය සිදු කළ තැනැත්තා පොලිසියට භාර වී ඇති බවයි පොලීසිය පැවසුවේ.