27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක්

ඕස්ට්‍රේලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් වටිනා ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත.

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවලට අදාළ ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ සහ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම මෙහිදී සිදුවිය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (16) මෙම ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණි.

එහාමෙහා ගෙන යා හැකි ඇඳන් 30ක්, කුඩා ස්වයංක්‍රීය යන්ත්‍ර 20ක්, බර තරාදි 6ක්, ජඩෙල් 16,500ක්, හෝමෝන නොවන IUDs 31,500ක්, HIV පරීක්ෂණ කට්ටල 900ක් සහ සිෆිලිස් පරීක්ෂණ කට්ටල 300ක් විය.

ඔස්ට්‍රේලියානු රජය සහ UNFPA විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයට ලබා දෙන අත්‍යවශ්‍ය සහයෝගය මෙම දායකත්වයෙන් ඉස්මතු කරයි.