29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකියි - ඇමති කංචන

කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකියි – ඇමති කංචන

සමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නතර වුවද අනෙකුත් විදුලි බලාගාරවලින් හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවත් දකුණු පළාත විදුලි සම්ප්‍රේෂණ ජාලය, මෙරට විදුලිබල පද්ධතියට එකතු කිරීමේ කටයුතු එලඹෙන ඉරිදා වනවිට අවසන් කළ හැකි බැවින් අමතරව ලබාගත යුතු විදුලිය සීමා වන බවයි.

එමෙන්ම විදුලි ඉල්ලුම අඩුවී ඇති බවට මාධ්‍ය වාර්තා කළද මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම වැඩි වී ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ පෙර පැවති දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට් පැය 45, මෙගා වොට් පැය 50කට ආසන්න අගයක් දක්වා වැඩි වී ඇති බවයි.