22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකහවත්තේ නිල් මැණිකක් කෝටි 43කට අලෙවි වෙයි

කහවත්තේ නිල් මැණිකක් කෝටි 43කට අලෙවි වෙයි

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේදී අලෙවි වී තිබෙනවා.

‘බ්ලූ සැෆායා’ වර්ගයේ මෙම මැණික් ගල කැරට් 99ක් බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේ දී වෙන්දේසි කෙරුණු අතර ඊට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියා.

ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 43ක් ගෙවා මැණික මිලදී ගෙන තිබෙනවා.